स्वस्यस्य स्वास्थ्यस्तर्ण असुरस्य विकार प्रशभनाम्बा
" ස්වස්ථස්‍ය ස්වස්ථ්‍ය රක්ෂණං ආතුරස්‍ය විකාර ප්‍රශමනං ච "
Protect the health of the healthy and relieve
the “disease” of the ailing.
නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව තව දුරටත් ආරක්ෂා කිරීමත් ,රෝගී පුද්ගලයාගේ රෝගය සුවපත් කිරීමත් ආයුර්වේදයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේය.

Welcome to "With In Nature"

The only Ayurveda Museum in Sri Lanka


About Ayurveda

Ayurveda, the “science of life” or Ayurvedic medicine is a system of traditional medicines & Treatments native to the Sri Lankan subcontinent and practiced in the other parts of the world as a form of alternative medicine. In Sanskrit, the word Ayurveda consists of the word Ayus, meaning “longevity”, and veda, meaning “related to knowledge” or “science”. Evolving, throughout its history, Ayurveda remains an influential system of medicine in South Asia.... The earliest literature on Sri Lankan medical practice appeared during the Vedic period in Sri Lanka.The Susruta Samhita and the Charaka Samhita were influential works on traditional medicine during this era. Over the following centuries, Ayurvedic practitioners developed a number of medicinal preparations and surgical procedures for the treatment of various ailments and diseases.
Ayurveda-literally “Science of life”- is based on the twin principles of wholeness and balance. As a holistic healing tradition, Ayurveda recommends treating the “whole” person-body,mind,senses,emotion and spirit instead of following the”one cause-one-cure” principle and focusing on the symptoms of the moment. The promise is that if the roots are nourished and watered, the plant will flourish. Diet, sleep, lifestyle, daily and seasonal routines and internal cleansing are just as, or more, important than herbs and potions in order to maintain good health. And Ayurveda is equally about maintaining or preserving good health as it is about treating disorders-“Swasthasya Rakshanam”is one of the goals of Ayurveda.


දෙමාපියනි,

ඔබට, ඔබේ දරුවාට ආයුර්වේද ප්‍රථිකාර ක්‍රම,ආයුර්වේද ඖෂධ, රෝග, රෝගවලින් ආරක්ෂාවීම, සහ එදිනෙදා ජීවිතයේදී වැදගත් වන සෞඛ්‍ය උපදෙස් හා  ඖෂධ පැලෑටි ගැන නිවැරදි අවබෝධයක් ලබාගන්න .

මහියංගණ - දඹාන ආදිවාසී ගම්මානයට පිවිසෙන මාර්ගයට මුහුණලා පිහිටා ඇති මෙම ආයුර්වේද කෞතුකාගාරය නැරඹීමට දැන් අවස්ථාව උදාවී ඇත.

පැරැණි වෙදැදුරන් විසින් පාවිච්චි කරන ලද බෙහෙත් ගල්, කුරහන් ගල්,තෙල් භරණි,අරිෂ්ඨ භරණි,ඖෂධ බහාලුම් , ආයුර්වේදයේ කිරුම් මිනුම් උපකරණ,ගව අං, සත්ව  අස්ථි, ඇත්දළ සහ සඳුන් ලීයෙන් සෑදූ ඉතා අලංකාරවත් බෙහෙත් මංජුසාවන්, විවිධ වූ බෙහෙත් සැරයටි වර්ග, සර්පවිෂ වෙදකමේදී කඩිනමින් ඖෂධ කොටාගැනීමට යොදාගත් දෙබිඩි වංගෙඩිය,ආරක්‍ෂිත කුප්පි ලාම්පු,   බුද්ධදාස රජතුමා විසින් ශල්‍යකර්ම සඳහා භාවිතා කරනලද ශල්‍යායුධ ආකෘති , පුස්කොල පොත් හා ඒවා කියවීම සඳහා යොදාගත් විවිධ වූ විශාලකොට කියවීමේ උපකරණ, වෙදකම් සඳහා පිටත්ව යෑමට දිශාව බලාගැනීම සඳහා පාවිච්චි කරනලද ඉතා පැරණි මාලිමා උපකරණ,අලි හක්ක,කසායක් කිරාගන්නා අන්දම හා කිරුම් මිනුම් ..... 

පූර්වකර්ම හා පංචකර්ම යනු මොනවාද ? 
 එම ප්‍රතිකර්ම කිරීමෙන් සිරුරට ඇතිවන ප්‍රතිඵල මොනවාද? 
( මෙකී පූර්වකර්ම හා පංච කර්ම ප්‍රථිකාර කරනා අන්දම සහ ඉරියව් දැක්වෙන ප්‍රතිමා වීදුරුකුටිවල තැන්පත් කොට ඇත.එක් එක් ප්‍රතිකාරය පිළිබඳව වෙන් වෙන් වශයෙන් විස්තර කොට ඇත.)

අරිෂ්ඨයක්, ආසවයක්, කල්කයක්, වටියක්, ඝෘතයක්, චුර්ණයක් යනු මොනවාද..? 
ඒවා සාදාගන්නේ කෙසේද සහ කුමන රෝග සඳහා ගනු ලබන්නේද යන්න ...   

ඖෂධ පැළ දහස් ගණනක සියළු විස්තර නිදර්ශකද සමග උද්භිද නාමය සහ එම පැලෑටිය අයත් වන කුලය සහ ඖෂධීය ගුණය  සමග ඉතා පුළුල් ලෙස විස්තර කොට ප්‍රදර්ශනය සඳහා තබා ඇත.

රෝග, රෝගවලින් ආරක්ෂාවීම, එදිනෙදා ජීවිතයට අදාළ සෞඛ්‍ය අවවාද,ඖෂධ පැලෑටි සහ තවත් වැදගත්වන වාර්තා වැඩසටහන් රුපවාහිණී තිර තුනක සවිස්තරාත්මකව විකාශනය වනු ඇත.

මේ තුලින් ඖෂධ පැලෑටි පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීම තුලින් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මෙකී පැළෑටි ආරක්ෂා කර ගැනීමට ඔබත් දායක වනු ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳව ඉතා පුළුල් අවබෝධයක් මෙතුලින් ලැබෙනු  ඇත.

මෙම සම්පුර්ණ ගෘහනිර්මාණය පරිසර හිතකාමී ලෙස මිනිස් දෑතින් ඉතා අලංකාර ලෙස නිර්මාණය කොට ඇති අතර කිසිදාක තීන්ත ආලේප කිරීමක් අවශ්‍ය නොවේ. අනුරාධපුර යුගයේ සඳකඩ පහනක් ප්‍රධාන දොරටුව අසලින් ආලෝකමත්කොට පොළොවට ගිල්වා ඇති අතර ඒ මත සවිකොට ඇති වීදුරුවක් මතින් කෞතුකාගාරයට ඇතුල් වීමේ ප්‍රධාන දොරටුව නිමවාඇත.මෙම ව්‍යාපෘතියෙහි  වඩාත්ම විශේෂත්වය වන්නේ, ගෘහනිර්මාණය, කෞතුකාගාර සංකල්පය,ඇතුලත ඇති සියළුම විස්තර හා ආයෝජනය තනි පුද්ගලයෙකු සතු වීමයි.

(නිර්මාතෘවරයා පිළිබඳව මෙම පිටුවෙහි  උඩ කෙළවරෙහි ඇති “අපගැන / About Us”පිටුවට පිවිසෙන්න. 
ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි එකොළහක  මුදලක් වැයකොට ඇති අතර 100% පෞද්ගලිකවම ආයෝජනය කොට 2018 ජුලි මස 20 වනදා ප්‍රදර්ශණය සඳහා  විවෘත කරන ලදී. පුජ්‍ය පක්ෂය, වෛද්‍යවරුන්, විද්වතුන් හා ප්‍රභූවරුන්ගේ අදහස් දැනගැනීම සඳහා මෙම පිටුවෙහි ඉහල කෙළවරෙහි ඇති “Comments / Reviews” පිටුවට පිවිසෙන්න.

නිර්මාතෘවරයා විසින් මුලින්ම මෙම කෞතුකාගාරය වාද්දුව - මොල්ලිගොඩ ගාලු පාරට මුහුණලා “විතාස් මහල්” නමින් පර්චස් 12.5 කුඩා බිමක ඉදිකරන ලද ගොඩනැගිල්ලක 2015 වසරේදී ආරම්භ කල අතර එදා සිට මහියංගනයට මෙම කෞතුකාගාරය රැගෙන එන තුරු පාසැල් ළමුන්ද ඇතුළුව 5500 ක් දෙනා නරඹා ඇත. මේ තුලින් ඖෂධ පැළෑටි පිළිබඳව ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් මේ වනවිට පැළ 4000 කට අධික ප්‍රමාණයක් මෙම පුංච් රටේ නැරඹු පිරිස විසින් රෝපණය කොට ඇත.

මොහොතක් සිතන්න ...!!

මේ මගින් පරිසරයට මුදාහරින්නාවූ ඔක්සිජන් ප්‍රමාණය ...

අප සියලු දෙනාගේ ඉලක්කය වන්නේ වැඩි දියුණු කොට නිර්මාණය කරනලද නව ව්‍යාපෘතිය තුලින් ලබාගන්නා දැනුම තුලින් මියැදෙන්නට පෙර අඩු තරමින් පැළ ලක්ෂ දහයක්වත් සිටුවා අනාගත පරපුරට පිරිසිදුව හුස්ම ගැනීමට සලස්වා අවසන් හුස්ම හෙලීමටයි.

මේ සඳහා ඔබත් දායක වන්න.මෙතුලින් ලබාගන්නා දැනුමෙන් ඔබත් ඔබගේ ගෙවත්තේ හෝ පාසැල් වත්තේ පැළයක් සිටුවන්න.




The first and only Ayurveda Museum in Sri Lanka

The nature oriented science of Ayurveda goes beyond 5000 years in India and Sri Lanka According to The concept of Ayurveda, there are 3 elements of the body called Vatha (Air) Pitha (Bile) and Kaha (Phlegm) A balance of these 3 factors, he will continue to healthy and fit. By using natural herbs and medicines the people enjoyed the benefit of longer life span this confirms that Ayurveda as science of longevity Now that you are here, you have a golden opportunity of visiting the only Ayurveda museum in Sri Lanka at Dambana, Mahiyanganaya whichis facing to the rad on your way visit “Veddas” The museum offers historical links a herbarium a video presentation and treatment technics Ayurveda Depicted in statue from called purwakarma and panchakarma



The museum has been partitioned for different categories....

Old Ayurvedic equipment


The processing methods of Ayurvedic medicines

Identification of Ingredients in Ayurveda Medicines

Introduction of Purwakarma & Panchakarma Treatments

Details of more than 400 to 500 herbal plants.

The historical photo gallery

how to prevent from them, Medicines & remedies for diseases & about Herbal plants

To taste different varieties of Herbal teas of Sri Lanka with 100% vegetarian cuisine.



Video Gallery :



ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම ආයුර්වේද කෞතුකාගාරය
දඹාන,මහියංගනය .